රිෂාඞ් බදියුදීන් සුපිරි හෝටලයක් තුළ නිරෝධායනයේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුණා. 

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබුණා. විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත්  කෙරුණා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේ ශානී අබේසේකර අයී ඞී එච් රෝහලට මාරු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19