මේ ආණ්ඩුව ගැන මෛත්‍රීගේ විග්‍රාහය

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සත්‍යය පෙන්වාදෙන විට තමන්ට දොස් පවරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට අද (07) එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගිහින් ස්විප් එකක් අරන් පැය 24 න් ස්විප් එක ඇදුනා එයාට. අපිත් රට වටේ ගිහින් ඉවර වෙනකොට අපෙත් ස්විප් එක ඇදෙන්න බැරි නෑ. කොහොම වුණත් මේ ඔක්කෝටම අපි ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණිගේ ආර්ථික වැඩපිළිවෙලට සමහරු අදත් දොස් කියනවා. දැන් මේ කාලේ තියෙන ප්‍රශ්න බලාගෙන කියනවා හරියට, බණ්ඩාරනායක මැතිණියගේ කාලේ වාගේ තමා දැන් කියලා. බණ්ඩාරනායක මැතිණිය ගොවීන්ගෙන් කුණුහරුව ඇහුවේ නෑ. ගෙදර ළිප පත්තු කරන්න ගිහිල්ලා කාන්තාවන්ගෙන් කුණුහරුප ඇහුවෙත් නෑ බණ්ඩාරනායක මැතිණිය. ඊයේ පෙරේදා මගේ කතාවල් අහලා සෝෂල් මීඩියාවල සමහර අය අහලා තියෙනවා, “ඇයි තමුසෙත් ආණ්ඩුවක් කෙරුවා නේද කියලා” නමුත් 48 ඉඳලා මේ ආපු ආණ්ඩු අතරේ වෙනස්ම ආණ්ඩුව මගේ ආණ්ඩුව. ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක එකතුවක්. මගේ කාලය තුළ, මට ආපු විවේචන, නින්දා, අපහස තමුන්නාසේලා දන්නවා. දැන් මේ පහුගිය දින දෙක තුනේ අපි රැස්වීම් තියලා, රටේ තත්ත්වය පැහැදිලි කරනකොට අපේ හාමුදුරුවනේ, අපි ඇත්ත කතා කරනකොට, ආණ්ඩුවට හිතවත් සමහර අය, අහනවා ඇයි මේ තරම් ආණ්ඩුවට ගහන්නේ කියලා, ඔය ගැහිල්ලට වඩා වෙනස් ගැහිල්ලක් මට ගැහුවේ. අද ආණ්ඩුව කරන අය මගේ ආණ්ඩුවට ගැහුව ගැහිලි කොහොමද කියලා තමුන්නාන්සේලාට මතක ඇති. එදා පිරිසිදු ආණ්ඩු හදන්න කතා කරපු අය අද කොහොමද වර්තමානයේ කටයුතු කරන්නේ, අපිට නින්දා අපහාස කරපු අය අද ජනතාවගේ මොනතරම් නින්දාවට අපහාසයට, විවේදනයට ලක්වෙලාද කියලා ඔයාලා දන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34