ජනවාරි මාසයේ මැද සිට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්

ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා 8 කදී දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැති බවයි. එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමග ද සාකච්ජා කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම ගැටලුව විසඳාලීම සඳහා බැංකු වෙත එන විදෙස් සංචිත වලින් නිසි ප්‍රමාණයක් රඳවා තබා ගෙන එම මුදල් වලින් ඉන්ධන, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආදිය ගෙන්වීම සඳහා වැය කළ යුතු බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල අධික ලෙස ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම දැනට ලෝකයේ බොහෝ රටවල් සිදුකරමින් ඇතත් ඉන්ධන මිල වැඩි කිරීමෙන් මෙරට තුළ ඉන්ධන භාවිතය අඩු කිරීමට නොහැකි බව ඔප්පු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14