අද දිනයේ විදුලි සැපයුම ඇණහිටිමක්

සිකුරාදා (ජන. 7) එනම් අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ විදුලිය සැපයීමට බාධා එල්ල විය.

කැලණිතිස්ස බලාගාරයේ ඇති වූ ගැටලුවෙන් මෙගාවොට් 135ක විදුලිය අහිමි වූ අතර කුකුළේ-ගඟ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් තවත් මෙගාවොට් 76ක විදුලි බලයක් අහිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.රණතුංග මහතා පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතරතුර පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්ධි කරන බවයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කුකුළේ-ගඟ බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස අද (7) දිනයේදී මෙන්ම විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදී විදුලිය විසන්ධි විය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50