AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම අද සවස අත්සන් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීගිත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම එක්වයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අද පස්වරුව වනවිට අවසන් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියාසිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති සමස්ත ටැංකි ගණන 99න් ටැංකි 61ක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් නව සමාගම යටතේ සංවර්ධනය කිරීමටයි මේ වනවිට සැලසුම් සකස් කර ඇත්තේ.

නව සමාගමේ 51%ක කොටස් අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අතර ඛෂධක්‍ සමාගමට 49%ක කොටස් අයිතිය හිමිවනවා.

මෙම නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඕනෑම අවස්ථාවක ගිවිසුමට අත්සක් තැබීමේ හැකියාව පවතින
බවයි.

අදාළ ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?