ගෑස් පෝලිම්වල සිටි අයෙක් ඇද වැටෙයි

මේ දින වල පවතින ගෑස් හිඟකම හේතුවෙන් අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට අද පෙරවරුවේත් දිගු පෝලිම්වල ජනතාව රැදී සිටින අයුරු අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.

මෙලෙස ගෑස් පෝලිම්වල රැඳී  සිටින බොහෝ දෙනා උදෑසන සිට පෝලිම්වල රැඳී සිටින බවත් තවත් සමහරක් රැකියාවලින් නිවාඩු ලබා ගෙන එලෙස පෝලිම්වල රැඳී සිටින බවටත් තොරතුරු අනාවරණය වුණා.

ගෑස් වලට අමතරව වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය මෙන්ම සහල් හිගය හේතුවෙන් පවුලක සිටින සාමාජිකයන්ගෙන් එක එක්කෙනා පෝලිමේ රැඳී සිට සිය අවශ්‍යතාවයන් සපුරා ගන්නා බවත් වාර්තා වෙනවා.

මේ අතර දිගු පෝලිම්වල වැඩි වෙලාවක් කාලය ගත කරන බොහෝ දෙනා උදෑසන ආහාරය පවා ලබා නොගෙන පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් අසනීප වී රෝහල්ගත කල අවස්ථාවන් ද දක්නට ලැබුණා.

බොහෝදෙනා උදෑසන සිට ගෑස් පෝලිම්වල සිටියත් ගෙදර යාමට වන්නේ හිස් අතින්. ඒ ප්‍රමාණවත් තරම් ගෑස් තොග අලෙවි නියෝජිතයන් වෙත නොලැබීම හේතුවෙන්.

මේ අතර වාර්තා වෙන කණගාටුදායක පුවත වන්නේ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයන් වෙත ගෙනියනු ලබන ගෑස් අතරමගදී ලොරි නවතා ඇතැම් පිරිස් වෙත ගෑස් නිකුත් කිරීමයි.

එවැනි අත යට ගනුදෙනු ද මේ වන විට සිදු වෙමින්ද පවතිනවා.

අම්බලන්ගොඩ පොලිසිය ගෑස් සිලින්ඩර සහිත ලොරිය පොලිසිය තුළට ගෙන මුදලට ගෑස් අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

එසේ කරන ලද්දේ එම ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතවරයාගේ ඉල්ලීමකට අනුව බවයි අම්බලන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව උදෑසන සිටම ගෑස් සිලින්ඩර මිලට ගැනීම සඳහා හිස් ගෑස් සිලින්ඩර ද සමග පාරිභෝගිකයන් අම්බලන්ගොඩ පොලීසිය අසලට එක් රැස්වුණා.

එහිදී එතැන සිටි එක් පාරිභෝගිකයෙක් බිම වැටීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමටත් පියවර ගෙන තිබුණු බවයි දැනගන්නට තිබෙන්නේ.

image 1

එම ස්ථානයේ සිටි පාරිභෝගිකයින් ගෑස් හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කරන අයුරුද දක්නට ලැබුණා.

ගෑස් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් මෙසේ අදහස් දක්වා සිටියා,

“පාන්දර දෙකේ තුනේ ඉඳන් ඉන්නවා. කිරිබත් උයපු ගෑස් ටැංකි ටික තමයි මේ පාරේ තියාගෙන ඉන්නේ.”

“ආණ්ඩුව වෙනස් කරලා හරි යන්නේ නැහැනේ. කවුරු ආවත් කරන්න බැහැනේ මේක. රටේ ප්‍රශ්නයක් තියෙනවනේ ඩොලර් හින්දා.”

“ජන්දේ ගන්නකොට 1500ක් දීලා මිනිස්සු ගේනවනේ. රෑ කෑම, තුන් වේල කෑම දෙනවා. දැන් බඩගින්නේ ඉන්නවා ළමයි ඔක්කොම. ඇයි මෙහෙම අපරාධ කරන්නේ? පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා. ඊට පස්සේ පාටි දාගෙන ඔක්කොම යාලුවෝ.”

“තේ බොන්නවත් ගෑස් නැහැ.”

“මිනිස්සු බය වුණාට ගෑස් ගන්නවා. ලාම්පුතෙල් කොච්චර කියලා ගන්නද? දර නැහැ කොළඹ ඉන්න කට්ටියට පත්තු කරන්න. ඒ නිසා මොනා වුණත් ගෑස් අරගන්නවා.”

“උදේ 4 ඉඳන් පෝලිමේ ඉන්නේ”

“බයයි මොනා කරන්නද? ඔක්කොම කෑම ටික හෙල්මට් එක දාගෙන උයනවා. දවස ගානෙම පෝලිමේ 200ක් විතර ඉන්නවා. දවසට එන්නේ 40ක් 50ක්.”

“අවුරුදු දවසේ හරි මිනිස්සුන්ට උයාගෙන කන්න කරන්න ගෑසුත් නැහැ. භුමිතෙලුත් නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04