ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සමාගම විසින් ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඒ, නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ වනවිට LP ගෑස් සිලින්ඩර නිෂ්පාදන ධාරිතාවය ද කාර්යක්ෂම කොට ඇතැයි පවසන ලිට්‍රෝ සමාගම, පසුගිය දින දෙක තුළ සහ අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එය කඩිනමින් පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිත බවත් සඳහන් කරයි.

ඉදිරි සෑම දිනකදී ම දෛනික LP ගෑස් අවශ්‍යතාවය සපුරාලීම උදෙසා ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 – 100,000ක උපරිමයක් දක්වා ලබාදීමට සමාගම සියලු විධිවාධන යොදා ඇති බවත් ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි පවතින හිඟය කෙටි කාලයකින් පහව යන බව ද එම සමාගම පාරිභෝගිකයින්ට දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළ ෆාමසියක් කොටුවෙයි
01:34
Video thumbnail
මේ මාලිමාවේ සභාපතිට කොන්දක් නෑ
03:37
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
මේ මංකොල්ලකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
04:07
Video thumbnail
රුපියල වගේම අනුර කුමාරත් මස්තබාල්දු වෙලා
11:11
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37