සියලූම සරසවි සිසුන්ට වරප්‍රසාදයක්

විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

‍මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමිනි.

“තාක්ෂණ විද්‍යාව විෂය ඉතාම විශේෂයි. රටක කාර්මික දියුණුවේ පදනම වානේ කර්මාන්තයයි. අදියරෙන් අදියරට ගමන් කිරීමට අපේ රටේ මහපොළවේ තිබෙන යපස්වලට හැකි වුණා. වානේ සංස්ථාව අපේ විශ්වවිද්‍යාල සමග එකට එකතුව සැලැස්මකට ගමන් කළා නම් මේ වනවිට අපට මිල ගණන් ඉහළ වානේ ව්‍යාපෘති පිටරටින් ගේන්න වෙන්නෙ නෑ. මම ඉතා ඕනෑකමින් කියනවා වානේ කර්මාන්තය පදනම් කරගත් රටවල් තමයි කාර්මික විප්ලවය ජයගෙන තියෙන්නේ. අද එය පසුකොට තාක්ෂණ විප්ලවයක් ඇතිවී තිබෙනවා. මේ තාක්ෂණ විප්ලවයේ අද රටේ පාසල්වලට ගෙනයාමේ සැලැස්මට මාලබේ විද්‍යාලයත් ඇතුළත්වීම සුවිශේෂ ජයග්‍රහණයක්.”

“ සෑම සිසුවෙකුටම අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණය හරහා ගමන් කිරීමට පුළුවන් පාඨමාලා විශ්වවිද්‍යාල විෂය ක්ෂේත්‍ර තුළ විවෘත කරනවා. මේ තුළින් කුමන විෂයකට අවතීර්ණ වුණත් සුවිශේෂම තොරතුරු තාක්ෂණය විෂය විශ්වවිද්‍යාලයේ නිපුණත්වය ඇතුව තමයි පිට වෙන්නේ,” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08