විදින දුක්වල හැටියට ඊළඟ වතාවේ ජනතාව රැවැටෙන්නේ නැහැ : හිටපු ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

රටේ ජනතාව මේ වනවිට විඳින පීඩාවල හැටියට ඊළඟ අවස්ථාවේත් ඡන්දය ලබාදෙයි යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඊයේ මම මාතලේ කළ කතාවෙන් පස්සේ ඒ ගැන මගේ හිතවත් ගොඩක් අය කතා කරලා මට කිව්වා ටොපේ ටොප් කතාව කියලා. ඒ අතර කිහිපදෙනෙක් කිව්වා කතාව ටිකක් සැර වැඩියි නේද කියලා. මං කතාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්වන්නයි. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා බෑ කියලා.”

“සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි. සමහර අය ලොකුවට බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා.”

“හැටේ මැතිණියගේ තනි ආණ්ඩුවත් 64 වෙනකොට කඩාගෙන වැටුණා.මම හිතන්නේ නෑ මේ රටේ ජනතාව මේ කාලයේ විඳින දුකේ හැටියට දේශපාලකයින්ට රැවටිලා ඊළඟ අවස්ථාවෙත් ඡන්දෙ දෙයිද කියලා. මට එහෙම විශ්වාසයක් නෑ.”

“හුඟක් වෙලාවට ඡන්දෙ කාලෙට ආයේ කන්න දීලා, සල්ලි දීලා, බඩු බෙදලා, බෙදන්න තියෙන ඔක්කෝම බෙදලා..හැබැයි 2015 ජනවාරි 8 මම දිනුවේ ඇල්වතුරවත් බෙදන්නේ නැතුව. ජනතාව එහෙම තීන්දු ගන්න වෙලාවල් තියෙනවා.”

“එදා මමත් මගේ පවුලේ අයත් ඡන්දෙ ඉල්ලන්න එළියට ආවේ ජීවිත අවදානමෙන්. සමහරු ඔළුවේ අතගහගෙන ඇහුවා කළුගලේ ඔළුව ගහගන්න ද යන්නේ කියලා.මහරජාණෝ එක්ක දිනන්න මේ පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන කෙනෙකුට පුළුවන් ද කියලා ඇහුවා.”

“කුමක් සඳහා ද අපි මේ සූදානම් වෙන්නේ. අද රට මුහුණ දී තිබෙන තත්ත්වයත්. මෙතනින් රට බේරාගන්නා තත්ත්වයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි සාකච්ඡා කරලා සකස්කර ගත යුතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් අරගෙන තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද කියන අභියෝගය අපිට තියෙනවා. මෙතෙක් පැවති ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සැදිය යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30