භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදෙන්න තීරණය කළ හේතුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳු දා බාර දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නො හැකි වනු ඇති බවට සඳහන් කරමින් වීම විශේෂත්වයක්.

ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා සහ විඳදරා ගැනීමේ මට්ටම් තීරණය කිරීම සඳහා පවත්වන යෝ-යෝ පරීක්ෂණය වෙනුවට කිලෝමීටර් 2 ධාවන පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත හදුන්වා දුන්නේ, පසුගිය වසරේ (2021) මුල් කාර්තුවේදීයි.

ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව ගෙන ආ මෙම පරීක්ෂනය තුළ දී විනාඩි 8.35ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2ක දුර ප්‍රමානය හමාර කළ යුතු ව තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැන් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රීඩකයින් මිනිත්තු 8.10 තුළ කිලෝමීටර් 2 ධාවනය අවසන් කළ යුතු බවට යි.

නව සංශෝධනවලට අනුව, මිනිත්තු 8.35 සීමාව තුළ ධාවනය හමාර කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබන නමුත් එම ක්‍රීඩකයින් අපේක්ෂිත ඉලක්කයට ළඟා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් ප්‍රතිශතයක් රඳවා ගැනීමටත් යෝජනා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11