ඔයා මිලට ගන්න ජල බෝතලයේ හිස් බදුනත් විකුණන්න දැන් අවස්තාවක්

ලංකා සතොස නමින් ජල බෝතල් අලෙවිය අද (5) සිට ආරම්භ කරන බවත්, පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලංකා සතොස නමින් එස්.එල්.එස්. සහතිකය ඇති කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කරන බවත්, පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත ලබා ගැනීම නිසා පාරිභෝගිකයාට ජල බෝතලය වෙනුවෙන් රුපියල් 25 ක් පමණක් වැයකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සතොසට මීට පෙර ජල බෝතල් අලෙවි කිරීමෙන් සියයට 20 ක ලාභ කොටස ලැබුන ද මෙම සතොස නමින් ජල බෝතල් අලෙවියෙන් සියයට 25 ක ලාභ කොටසක් හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

  1. මෙහෙම වතුර බෝතල් ලෙස මගෙන් නැවත නොබැදී ගැනීමට ක්‍රමයක් සැකසීම ගැන සතුටුයි. ඒවා පරිසරයට මුදා හැරලා කරන්නත් කල්‍යාණ නිසා මෙහෙම ක්‍රමයක් නිර්මාණය කිරීම පැසසිය යුත්තක්.