‘ආසියාවේ රැජනට’ රු. කෝටි 2000 ක ලන්සුවක් ලැබුණු බව දැනුම් දී නෑ

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති

මෙරටින් හමු වූ ‘ආසියාවේ රැජන’ ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික නිල් මැණිකට ඩොලර් මිලියන 100 ක (රු. කෝටි 2000 ක) ලන්සුවක් ලැබුණ බව තමාට ඊයේ (04 වැනිදා) වන විටත් දැනුම් දී නොතිබුණ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඩුබායි හි සිට පැවසීය.

ඩුබායි සමාගමක් විසින් එම මැණික එම මිලට මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇතැයි පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය. නමුත් ඉහත සඳහන් වටිනාකම ගෙවා එම මැණික මිලදී ගන්නට ඩුබායි සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි පළ වී තිබූ අතර ඒ පිළිබඳ සොයා බලා පසුව ප‍්‍රකාශයක් කරන බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?