සුසිල් ඉවත් කල හේතුව ජොන්ස්ටන් හෙලි කරයි. ජනාධිපති ඉතා නිවැරදියිලු

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇත්තේ ඔහු රජය සහ රජයේ වැඩපිළිවෙළ ප්‍රතිපත්ති විවේචනය කර ඇති නිසා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමන් ගෙන ඇත්තේ නිවැරදි තීන්දුවක් බවත් මෙය මීට කලින් ගත යුතුව තිබූ බවත් ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කීය.

අතිගරු ජනපතිතුමනි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අස් කරලා තිබෙනවා. එතුමා රජයේ සහ රජයේ වැඩපිළිවෙළ වගේ ප්‍රතිපත්ති නොයෙකුත් අවස්ථාවන්හි විවේචනය කරලා තිබෙනවා. මිනිසා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහුව අමාත්‍ය ධුරයෙන් ධුරයෙන් ඉවත් කර තිබෙනවා . රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස වගකීමක් තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. එම ප්‍රතිපත්ති වල වැරැද්දක් තිබෙනවා නම් ඒවා ගැන කතා කරන්න ස්ථාන තිබෙනවා.

කැබිනට් එකේ දි ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපති තුමාව මුණගැහෙනවා . අවස්ථාවලදීත් ඒ අයට ඒවා ගැන කතා කරන්න පුළුවන්. තමන් යම් කණ්ඩායමකට ක්‍රීඩා කරනවා නම් ඒවා එම කණ්ඩායම ඇතුලේ කතා කරන්න ඕන. ඒවා එළියෙ කතා කරන එක නොවෙයි විය යුත්තේ. ජේෂ්ඨ අමාත්‍යවරුන් හැටියට ඒ අය අනිත් අයට ආදර්ශයක් විය යුතුයි.

කොන්ද කෙලින් තිබෙන්න ඕනේ ඇතුල කතා කරන්න. අතිගරු ජනාධිපතිතුමා මේ ගත්තේ හරි තීන්දුවක්. මේක මීට කලින් ගන්න තිබුණු තීන්දුවක්. කැබිනට් සාමුහික වගකීම ගැන අවබෝධයක් නැතිනම් ක ඇමති ධූරයක් දරන්න සුදුසු නැහැ. එලිය කරන දේශපාලනය කැබිනට් එක ඇතුල් කරන්න බැහැ. කැබිනට් එක ඇතුලේ ඕනෑම දෙයක් කතා කරලා විසඳාගැනීමට පූර්ණ නිදහසක් ජනාධිපතිතුමා දී තිබෙනවා.

හැබැයි ඒක එළියෙ ගිහින් විවේචනය කරනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාස තබලා මේ රටේ බහුතර ජනතාව ලබාදුන්න ජනවරම අපි ආරක්ෂා කළ යුතුයි. අපේ ඇමතිවරුන් අතර විනයක් නැත්තං රටේ ජනතාවගේ විනය අපිට හදන්න බැහැ.

කැබිනට් රැස්වීම තුළ කතා කරන දේවල් එළියේ කතා කරන්නේ නැහැ. අපි කවුරුත් බය කරන්න නොවෙයි මේ දේවල් කරන්නේ . දේශපාලනය කල යුතු ආකාරය ගැන අපි දැන ගත යුතුයි. දේශපාලන කරද්දි පිළිපැදිය යුතු දේවල් ගැන අපි දැනුවත් විය යුතුයි. විපක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුව විවේචනය කරන එක. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕනේ නැහැ. මේ සිද්ධිය හුවාදක්වමින් විපක්ෂය දැන් මෝඩ චූන් ගනී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34