රජයේ තහංචි නිසා එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් ලැබෙන ඩොලර් ඉන්දියාවට චීනෙට යෑමේ අවදානමක්

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු කන්ටේනර් කැබලි හා අබලි ද්‍රව්‍ය වත්තල පිහිටි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අයත් ගබඩාවට ගෙන ඒමට රජයෙන් දමා ඇති තහංචි නිසා මෙරටට ලැබිය හැකිව තිබූ ඩොලර් ඉන්දියාවට හා චීනයට යෑමේ අවදානමක් උදාවී ඇතැයි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හා ෆ්‍රෙන්ඞ්ස් ඔෆ් අර්ත් ජාත්‍යන්තර සංවිධානයේ සභාපති හේමන්ත විතානගේ මහතා පවසයි.

මුහුදේ ගිලී මුහුදු ජලයට සේදෙමින් තිබුණු මේ කන්ටේනර් කොටස් තවදුරටත් අපද්‍රව්‍ය ලෙස සැලකීම විද්‍යාත්මක නොවන බව පවසන හේමන්ත විතානගේ මහතා පරිසර අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිිබඳව දක්වන බිය නිසා මේ කන්ටේනර් වත්තල පිහිටි ගබඩාවට ගෙන ඒමට තවමත් අවසර දී නැති බැවින් එක්රැුස් කරන යකඩ ඉන්දියාවට ගෙනයෑමේ නැඹුරුවක් තිබෙන බව කියයි.

නැව කැපීම මේ වන විට ෂැංහයි සැල්වේජ් සමාගමට පවරා ඇති බැවින් ඔවුන් නැව කැපීමෙන් ලැබෙන යකඩ ශ‍්‍රී ලංකාවට නොදී චීනයට ගෙන යෑමට සැලසුම් කර ඇති බවත් එම යකඩවලින් ලැබිය හැකි විදේශ මුදල්ද ලංකාවට නොලැබෙනු ඇති බවත් විතානගේ මහතා සඳහන් කරයි.

දුෂණ හා වංචා නිසා මෙම නැවෙන් ලංකාවට ලැබිය හැකිව තිබූ බොහෝ මුදල් නොලැබුණු බවත්, රක්‍ෂණ සමාගමට ඉදිරිපත් කරන ලේඛනවල ගැටලූ නිසා වන්දි ගෙවීම ගැටලූ සහගත බව දැනගන්නට ඇති බවත් හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් පවසයි.

‘‘මෙම නැව ආශ‍්‍රිත වියදම් ලෙස දිනකට ඇමෙරිකන් ඩොලර් 150,000 ක් පමණ මුදලක් රක්‍ෂණ සමාගම වියදම් කළද ඒ මුදල් ලංකාවට නොලැබෙන්නේ ඒ සේවාවන් සපයන්නේ ලංකාව නොවන නිසාය. රක්‍ෂණ සමාගම මේ වෙනුවෙන් වෙන් කළ මුදල් මේ වනවිටත් අවසන් වෙමින් තිබෙන බැවින් මෙය ඉක්මනින් අවසන් කිරීම ඔවුන්ගේ වුවමනාව වුවත් ලංකාවේ ආයතනවලින් පනවන සීමා නිසා මෙම කටයුතු අවසන් කිරීම පමාද වන බවද දැනගන්නට ඇතැයි’’ විතානගේ මහතා සඳහන් කරයි.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ වත්තල පිහිටි ගබඩාව අබලි කන්ටේනර් ගබඩා කිරීමට සුදුසු නොවන්නේ නම් ඊට සුදුසු තැනක් රජය මගින් වහා ලබාදී යකඩ තොගය ලංකාවට ලබාගෙන ඒවා ඩොලර්වලට හරවා ගැනීම බවද ඒ මහතා කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16