මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ : රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු ලෙඩවන බව කී වෛද්‍යවරුන්, ඉන්දියාවෙන් දැන් ගෙන්වන අධි රසායනික සහිත පොන්නි සම්බා ආහාරයට ගැනීමෙන් මෙරට ජනතාවගේ වකුගඩුවලට සිදුවන බලපෑම ගැන කල්පනා කළ යුතු බවයි මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර සිටියේ.

“මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ. මම හූ කියන තත්ත්වයට පත්වෙලත් නෑ . මොකද මම මිනිස්සුත් එක්ක ඉන්න නිසා. මිනිස්සුන්ට ආදරේ කරනවා නම් සහ නිහතමානි වෙනවා නම් මම හිතන්නේ නෑ කාටවත් හූ කියයි කියලා. නිහතමානි වෙන්නේ නැතුව උද්දච්චකමින්, මහන්තත්තකමින් ඉන්න ගියොත් වැඩිකල් යන්නේ නැතුව හූවක් තමයි අපිට කන්න වෙන්නේ.”

” ආණ්ඩුව විසින් කරපු වැරදි කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ පොහොර ගැටළුව. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් ඒක අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා අපිට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බා තමයි. පොන්නි සම්බා ටිකක් එක්ක අපේ හාල් ටිකක් තියලා බැලුවොත් පොන්නි සම්බා එකේ මැස්සෙක්වත් වහන්නේ නෑ.

හැබැයි අපේ හාල්වල මැස්සෝ වහනවා. ඒ කියන්නේ පොන්නි සම්බාවල රසායනික අන්තිම කෙළවරේ තියෙන්නෙ. රසායනික කාපුවාම වකුගඩු ලෙඩ වෙනවා කියපු දොස්තරලා, ඉන්දියාවේ පොන්නි සම්බා කනකොට වකුගඩුවලට කොයිතරම් බලපානවද කියල දැන් කල්පනා කරන්න ඕනෑ.

ඒ නිසා රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්. මම ඒක බොහොම අවංකවම කියන්නේ. එහෙම එකක් නෑ. අපිට තියෙන්නෙ වතුර ප්‍රශ්නයක්. උදේ කුඹුරට ගියාම හවස් වෙනකන්ම වතුර බොන්නෙ නැතුව අපේ ගොවියෝ විජලනය වෙනවා. ඒක වකුගඩුවලට බලපානවා. අනිත් එක අපි භාවිතා කරන භූගත ජලයේ තමයි කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නෙ. ඒකත් වකුගඩුවලට බලපානවා.

ඉබ්බාගමුව බතික් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16