මම ගයත්‍රිට කිව්වා මොන ප්‍රශ්න තිබ්බත් ඩිවෝස් එකකට යන්න එපා කියලා

පුංචි තිරයට නැතුවම බැරි වුණු රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ.

රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය මේ වන විට එම වෘත්තියෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇය වඩාත්ම සමීපව ඇසුරු කළ මිතුරිය වුණේ ගයත්‍රි ඩයස්.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය, ගයත්‍රි ගැනත්, ඇගේ පුද්ගලික ජීවිතේ ගැනත් මේ විදිහට අදහස් පලකර තිබුණා.

බියුටීෂියන් කෙනෙක් වුණේ සල්ලි ගොඩක් හොයන්නද ?
මේ වෘත්තියේ නියැලුණේ මගේ අම්මා. මේවා ගොඩක් අය දන් නෑ. අපි වැඩ පෙන්නලා ඉවරයි සෝෂල් මීඩියා එද්දි. මගේ අම්මා තමයි වෘත්තිය කළේ. ලොකුවට නෙවෙයි. මගේ අම්මාගේ අතින් තමයි ගමේ හැමෝම හැඩ වුණේ. මේවා මාව බඩේ තියාගෙන තමයි අම්මා කළේ. මේ මගේ අම්මාගේ දැනුම අභාෂය තමයි මට ආවේ. මම අම්මගෙන් ලබාගත්ත දේ තුළයි අද මෙතන ඉන්නේ. හැබැයි රංගනය මම ඉගෙන ගත්තා.

අත ගහපු අලුත් වැඩේ?
මගේ සැලූන් තිබුණට කරන්න බැරිවුණා. බ්‍රයිඩිල් හවුස් එකක් කරන්න ආසාවක් තිබ්බා. ඒක මේ අවුරුද්දේ (2021) ඉෂ්ඨ කරගන්නවා. අලුතින් විවෘත වෙන තැන සැලෝන් එක යට, උඩ තියෙන්නෙ බ්‍රයිඩින් හවුස් එක.

පුංචි කාලේ ජීවිතේ?
අපි යාන වාහන තියාගෙන හැදුනේ නෑ. එක පාන් ගෙඩිය අපි හතර දෙනාට දීලා අම්මා තාත්තා බඩගින්නේ හිටපු දවස් තිබුණා. ගයත්‍රි තමයි මට සැලෝන් එකක් කරන අදහස දුන්නේ. එයා තමයි මගේ හැකියාවන් දැන අඳුනගෙන මට උදව් කළේ.

හොඳම යාලුවාගේ ඒ යාලුකම තාම තියෙනවාද?
ගයත්‍රිගෙයි මගෙයි යාලුකම අවුරුදු 25ක් විතර ඇති. අවුරුදු හතරක් පහක් තිස්සෙ ඉඳන් හෙල්ලි හෙල්ලි තමයි තිබුණේ. මොකද ඉතින් තේරුම් ගන්නත් කාලයක් යනවනේ. මම එයාට යන ගමන එයාට යන්න දීලා මම මගේ ගමන ආවා. යාලුකම තියෙනවා. ගයත්‍රිගේ අම්මා ළඟදි නැතිවුණා. මම ඒකට ගොඩක් දුන්නා. චන්න අයියත් මගේ හොඳ යාලුවෙක්.

ලංකාවේ යද්දි කියලද ගියේ ?
ඇත්තටම ඊට ඉස්සල්ලා ඉඳන්ම ඒ ගමන යන්න ට්‍රයි කළා. දරුවෝත් එක්කම. ඒක මට කියන්න තරම් දෙයක් නෙවෙයි. මම දැනගත්තෙත් එයා ගියාට පස්සෙ. කොහොම වුණත් එයා ගත්තේ හොඳ තීරණයක් කියලා මම හිතන් නෑ. මොකද දරුවෝ දෙන්නා ළඟ ඉන්න ඕනි හැම වෙලාවෙම. එයාට හිතෙනවා නම් හොඳ දෙයක් කියලා ඒක එයාගේ දෙයක්.

ඔබගේ අවුරුදු 9ක් ආදරය කරලා විවාහ වෙන්නේ? චන්න, ගයත්‍රි දෙන්නාගේ විවාහය දෙදරලා ගියේ ඇයි?
ඒක අවබෝධය, ඉවසීම, ගරු කිරීම. විවාහය ලේසි දෙයක් නෙවෙයිනේ. අපිට බඳින්න හරිම ලේසියි. පුදුම ලස්සනට බඳිනවා. බැඳලා මාස දෙකක් ඉන්න බෑනේ. දකින සුන්දරත්වය විවාහය තුළ නෑ. අපි ඉවසන්න ඕනි, දරාගන්න ඕනි. අද වෙන්නෙ පොඩි දෙයක් වුණත් ඉවසන්න බෑනේ. ස්වාමිපුරුෂයා සැරෙන් කතා කරපු ගමන් ගෑනි පස්සෙ දොරෙන් ගිහින්.. මේවා අවබෝධයෙන් තමයි ජීවතේ යන්න ඕනි. ලේසිම දේනේ වෙන් වෙන එකනේ. අමාරුම දේ ඒවා දරාගෙන යන එක. චන්නයි ගයත්‍රියි අතර තිබුණ අභ්‍යන්තර ප්‍රශ්න මම කවදාවත් ගයත්‍රිගෙන් අහන්න ගිහිල්ලා නෑ. චන්නගෙන් මම අහලා නෑ. ඒක දන්නේ ඒ දෙන්නා. වෙන් වෙන දෙන්නා විතරයි ඒකට හේතුව දන්නෙ. අපි කොහොමද පිට ඉඳන් කවුරු වැරදිද කියලා කියන්නේ.

යෙහෙළියක් විදිහට උත්සාහ කළේ නැද්ද ?
මම ගයත්‍රිට කිව්ව මොන ගැටලු ප්‍රශ්න තිබ්බත් ඩිවෝස් එකකට යන්න එපා, මොකද ඒක දරුවෝ දෙන්නට බලපානවා කියලා. ඒත් ඒ දෙන්නා තීරණේ අරන් ඉවරයි.

  1. ගොනෙක් ගනිකාවක් කර ගහ ගත්තම මෙහෙම වෙනවා/ එක එක වර්ගයෙ එවායෙ සොයා යනවා. ගෙහෙනු දෙන් පිරිමින්ට වඩා හපන්. ලැජ්ජාවක් ඇත්තෙම නැහෙ උන්ට . එවෙලෙට ලැබෙන රසය මුදල ගෙන පමනයි උන් සිතන්නෙ ; එහෙම සිද්දියක් තමා මෙකත්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32