AFC Banner
Empty Ad
Empty Ad

පළමු “ෆ්ලොරෝනා” ආසාදිතයා හඳුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා. නව රෝගයට ගොදුරුවී ඇත්තේ ගැබිණි කාන්තාවක් බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොවිඩ් වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු තත්ත්වයට පත්වීමෙන් රෝගියාට නියුමෝනියාව, මයෝකාඩයිටිස් වැනි දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන රෝග ලක්ෂණ ඇති කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

“ෆ්ලෝරෝනා” රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ගත් කල නියුමෝනියාව සහ අනෙකුත් ශ්වසන සංකූලතා සහ මයෝකාඩයිටිස් ඇතුළු දරුණු රෝග ලක්ෂණ රාශියක් මතුවීමට හේතුවන අතර එමගින් රෝගීයා මරණයට පවා පත්වීමේ අවදානමක් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

“ෆ්ලෝරෝනා” රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බැවින් නිදන්ගත රෝග ඇති සියලුම පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානමෙන් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?