හෙට සිට විවාහ මංගල සඳහා අවසර ලැබෙන හැටි

හෙට දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇත. එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

මිට අමතරව ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% කට පමණය.

පෞද්ගලික සාදා පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට ද, නිවසක නම් උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට ද අවසර හිමිව ඇත. කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් සහ නිවසින් බැහැරව යෑම හැකිතාක් සීමා කිරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යයන් තුල ආසන සංඛ්‍යාව අනුව මගීන් රැගෙන යාම සිදුකළ යුතුය. වායු සමීකරණය කරන ලද වාහන මගී ප්‍රවාහනය කිරීමේදී වා කවුළු විවෘත කිරිමට පියවර ගත යුතුය. එමෙන්ම සියලුම මගීන් මුව ආවරණ පැළඳ සිටිය යුතුය.

සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වා ගෙන යෑමට අවසර ලබාදී ඇත.

නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශිවීම්, රැස්වීම ආදිය පැවැත්වීම සපුරා තහනම් වේ.

මිට අමතරව නිර්දේශිත සියලුම කාණ්ඩ 100% ක් ආවරණය වන පරිදි කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට කටයුතු කළ යුතුය.

හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

g2
g3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44