ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකර තිබේ.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් දැනට වෙළෙඳපොළේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?