දඹුල්ලේ අමු මිරිස් හොරා

පොලොන්නරුව ප්‍රදේශයේ සති පොල වෙළෙන්දෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන්  මිලදී ගත් අමුමිරිස් කිලෝ දහයක් සහ ලොකු ළූණු කිලෝ  25 ක මල්ලක් අද (31දා) පෙරවරුවේ සොරාගෙන ගොස් ඇතැයි ඔහු දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ.

 කිලෝවක් රුපියල්  810 බැගින් තමන් අමුමිරිස් කිලෝ දහයක් මිලදීගත්  බවත්  රුපියල්  185 ක කිලෝවක මිලකට ළූණු කිලෝ 25ක් ලබාගත් බවත් වෙළෙඳා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

 මෙම සොරකම් සිදුවන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක පිටුපස සවිකොට තිබූ ආරක්ෂිත කැමරා වක  සටහන් වී ඇතැයි එම වෙළෙන්දා  පැවසීය.

 පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වසර ගණනාවක් තිස්සේ තමන් එළවළු මිල දී ගැනීමට පැමිණෙන බවත් සුපුරුදු පරිදි එළවළු මිලදී ගෙන තමන් පැමිණි ලොරි රථයට පටවා ගැනීම් සිදුකරන බවත්  සාමාන්‍ය පරිදි එක එළවළු ගෝනියක් ලොරියට ගෙන්විත් දමා ඉතිරි ඒවා රැගෙන ඒම සඳහා නැවත වෙළඳපොළට යෑම සාමාන්‍ය සිරිත බව  වෙළෙන්දා වූ සම්පත් කුසුම්සිරි මහතා පැවසීය.

 සුපුරුදු පරිදි තමන්  පියා සමඟ ආර්ථික මධ්‍යස්ථානයට එළවලළු මිලදී ගැනීමට පැමිණි බවත් ඒ අනුව වෙළඳ  සැලකින් මිලදී ගත් අමුමිරිස් කිලෝ 10ක් සහ ලොකු ලූනු ගෝනිය ලොරියට දමා  මිල දී ගත් ඉතිරි එළවළු රැගෙන එන්නට ගිය අවස්ථාවේදී මෙයාකාරයෙන් තමන්ගේ අමුමිරිස් සහ ලොකු ළලූනු සොරා ගෙන ගොස් ඇතැයි හෙතෙම සඳහන් කරයි.

 වෙළඳඳසැලේ සවි කොට ඇති ආරක්ෂිත කැමරාවේ ඉතා පැහැදිලිව සටහන්ව ඇත්තේ  සාමාන්‍ය මැදිවියේ තරුණයකු පැමිණ ලොරි රථයට ගොඩවී එහි තිබූ අමුමිරිස් සහ කිලෝ 25 ක් වූ ලොකු ලූනු ගෝනිය රැගෙන යන ආකාරයයි.

 ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් තමන්ගේ භාණ්ඩ  තමන් ආරක්ෂා කර ගැනීමේ වගකීම යැයි පොලීසිය තමන්ට පැවසූ බව හෙතෙම සඳහන් කළේය

දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ආර්ථර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ නිලධාරීහු  පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59