2022 සිට පාලනයේ වෙනසක් – ආණ්ඩුවෙන් තීන්දුවක්

කවුරු හරස් වුවත් එම බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ බව තීන්දු කරගත් බවය.

අලදෙණියේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

“කොවිඩ් නිසා අපි බලාපොරොත්තු වුණු සමහර දේවල් කරන්න බැරි වුණා. මේ අවුරුදු දෙකේ රජය බලාපොරොත්තු වූ ඉලක්කවලට යන්න බැරි වුණා. ජනාධිපතිතුමා ලේකම්වරුන්ව කැඳෙව්වා වසර අවසානයේ සුහද හමුවකට. ඒකෙදිත් ජනාධිපතිතුමා කිව්වේ වෙනස ගැන. ඊයේ රෑත් ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡාවක් තිබුණා. කඩිනමින් ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ වෙනස්කම් සියල්ල ක්‍රියාත්මක කරන්න අපි තදබල ලෙස තීන්දුවක් අරන් තියෙනවා. 2022 සිට ඉතිරි කාලය තුළ කවුරු හරස් වුණත් ඒ බාධක ඉවත් කරලා ඒ දේවල් කරන්න අපි තීන්දුවක් ගත්තා.”

එහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවල යම් සත්‍යතාවයක් තිබේද යන්නය.

ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා,

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක වතාවකුත් දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කළා. ජනතාව ඒකට අවසර දුන්නේ නෑ. නැවතත් එතුමා කැමති වුණත් අකමැති වුණත් ජනතාව ඒකට අවසර දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අපි අවසර දෙන්නෙත් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59