ආණ්ඩුවෙන් යන්නේ නැහැ – ඇමති වාසු කියයි

ආණ්ඩුවෙන් ඉවත් යෑමේ කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටිනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ කිසිදු විටක ජනාධිපතිතුමා අත්හැර නොයන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජන මාධ්‍ය වල පල වුණු දේ ගැන. මේ ජන මාධ්‍ය මොනවද නිතරම කරන්න හදන්නේ. මේ නිවුස් කියන එක අය මවන්නේ මොකක්ද, ආන්දෝලනාත්මක කරුණු වලින්. ආන්දෝලනයට ලක් වෙන කරුණු තමයි නිවුස්. ඒවා පල කරන තරමට තමයි පත්තර වල තියෙන උනන්දුව වැඩිවෙන්නේ. ජන මාධ්‍ය ගැන උනන්දුව ඇති වෙන්නේ. ඒ නිසා ඒවා මව මවා පුළු පුළුවන් හැටියට ඒවා ලොකු මහත් කරලා පෙන්වමින් ඉදිරිපත් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඔබ ඊයේ පෙරෙදා දැක්කේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජන මාධ්‍යකරුවන් කැඳවා, ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම්, අස්වෙලා යනවා නම් ඒ එගොල්ලන්ගේ කැමැත්තක්. මම එගොල්ලන්ව අස්කරන්න යන්නේ නෑ

අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා. එතකොට දැන් මේ දවස් වල කථාකරන වචනයක් තමයි, ඉංග්‍රීසියෙන් කියනවා Collective Responsibility සාමුහික වගකීම කියලා කබිනට් එකේ ඉන්නකොට. මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් එකෙන් බැඳ තිබෙනවා. ඒක තමයි සාමුහික වගකීම කියන්නේ. එය එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊටත් පරණ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා.

අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිහ මොකක් ද කියලා. සංගායනාව, සාකච්ඡාව, සම්මුතිය මේක මං හිතන්නේ අපේ පන්සල් වල සංඝයා වහන්සේලා අතර පුහුණු කරන දෙයක් විනය කර්මයේ දී. සාකච්ඡාව තමන්ගේ වැරදි එළිපිට කථා කිරීම අවසානයේ එක සම්මුතියකින් විසිර යාම. ඉතින් ඒ නිසා අපිට අපේ පරණ ප්‍රතිපත්තිය අනුව සම්මුතිය අපි කවුරුත් ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන අපි අවංකව කථා කරමින් අපි කවුරුත් එකඟ වෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැදෙන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ.

ඒ නිසා අපි මේ වේලාවේ අපි තුන්දෙනා වෙනුවෙන්ම කියන්න ඕන අපි ඇමතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකටද පිටවෙන්නේ. මේක අපි හැදුව ආණ්ඩුව. එදා මහින්ද සුළඟ අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මේ අවසාන ප්‍රතිඵලයක්. ඉතින් මේකට මේ තරම්ම අපි ජීවිතය දිය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන මගේ ස්ථිර වචනය ඒ බව කියමින් මේ කාර්යයට අද සහභාගී වෙච්ච හැම දෙනාටම මාගේ හද පිරි භක්තියෙන් මම ස්තුතියි පුද කරනවා.” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02