චමරිගේ වේගවත් පිතිකරණය හමුවේ සුපර්නෝවාස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20 යි 20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සුපර්නෝවාස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරයේදී ශෂිකලා සිරිවර්ධන ද සුපර් නෝවාස් කණ්ඩායම නියෝජනය කළා. සාජා ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායම ලකුණු 02 කින් පරාජය කරමින් සුපර්නෝවාස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20  අවසානයේ කඩුලූ 06 ක් දැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 146 ක්. ආරම්භක පිතිකාරිනියන් ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු සහ ප‍්‍රියා පුනියා පළමු කඩුල්ලට ලකුණූ 89 ක සබඳතාවක් ගොඩනැගුවා. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67 ක්. ඊට දැවැන්ත හයේ පහර 04 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් වුණා. ශෂිකලා සිරිවර්ධන ලකුණු 02 කට දුවද්දී දැවී ගියා. 

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කර ගත හැකි වූයේ කඩුලූ 05 ක් දැවී ලකුණු 144 ක් පමණයි. ශෂිකලා සිරිවර්ධන පන්දුවාර 03 ක් ක‍්‍රියාත්මක කරමින් ලකුණු 19 ක් ලබාදුන් අතර ඇයට එක් කඩුල්ක් හෝ දවා ගැනීමට මෙම තරගයේදී අවස්ථාව හිමි වූයේ නැහැ.   

තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ චමරි අතපත්තුයි. 

IPL තරගාවලියට සමාගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලිය සදහා කණ්ඩායම් 03 ක් එක්ව සිටින අතර සුපර්නෝවාස් කණ්ඩායම ලැබූ මෙම ජයත් සමග වෙලෝසිටි කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඒ අනුව අවසන් මහ තරගයේදී යළිත් තරග වදින්නේ සුපර්නෝවාස් කණ්ඩායම සහ ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායමයි. එම තරගය සාජා ක‍්‍රීඩාගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.   

මේ අතර IPL  ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ 03 වන තරගය අබුඩාබි හිදි අද පැවැත්වෙනවා. ඒ ඩේවිඩ් වෝනර්ගේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ ශේයස් අයියර්ගේ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් අතරයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 10 වැනිදා පැවැත්වෙන IPL  තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර ඔවුන් එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39