ගිනස් වාර්තාවක් තබන්න යන සාරා “රත්මලානට” (PHOTOS)

සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක යෙදෙන 19 හැවිරිදි ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් අද රත්මලාන ගුවන්තොටුපොළට පැමිණියා.

ඒ ඇයගේ ලෝක සංචාරය අතරතුර යි.

සාරාගේ බලාපොරොත්තුව වන්නේ, සැහැල්ලු ගුවන් යානාවක නැඟී, ලොව වටා සංචාරය කළ ළාබාලතම ගුවන් නියමුවරිය වීමට යි.

මෙම සංචාරය තුළ දී ඇය රටවල් 52ක සිය ගුවන් යානය ගොඩබැස්වීමට සැලසුම් කර ඇති අතර, දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

සාරා මෙම සංචාරය තුළ දී බලාපොරොත්තු වෙන්නේ, තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ‘ශෙෂ්ටා වයිස්’ විසින් වසර 2017 දී පිහිට වූ වාර්තාව බිඳ හෙළීමට යි.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා සිය පළමු ගුවන් නියමු අද්දැකීම ලබාගන්නේ, ඇයට යන්තම් වසර 14ක් පිරෙද්දියි.

ඇය සිය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17ක්.

ශාක්.යූ.එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාවකින් ඇය මෙම ලෝක සවාරියේ යෙදෙන අතර, එම ගුවන් යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙසින් ද සැලකෙනවා.

සාරා මෙම සංචාරය අතරතුර දී අත්ලාන්තික සයුර හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලස්කාව දක්වාත් එතැනින් රුසියාව හා ඉන්දුනීසියාව දක්වාත් ගමන් කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව යි ඇයගේ මෙම ත්‍රාසජනක චාරිකාව යුරෝපය දෙසට යොමු වෙන්නේ.

අගෝස්තු 11 වැනි දා බෙල්ජියමේ රසල්ස් නුවරින් ආරම්භ කෙරුණු මෙම ලෝක චාරිකාව මාස තුනක කාලයක් තුළ දී අවසන් කිරීමට නියමිත යි.

sara 2
sara 1
sara 3
sara 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34