ලෝකයම මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වයට මට පමණක් දොස් කීම වැරදියි

ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව ඊයේ (27) පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා.

එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්වයක් බවත් එනිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද ජනාධිපතිවරයා  පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් ,විදේශ රැකියා වලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අර්බුදයට බරපතළ ලෙස බලපෑ බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද පැවසුවා.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකය ට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බවද පවසා සිටියා

මේ තත්ත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තියට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද සඳහන් කළා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබූවද, ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් බව ද මෙහිදී  පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29