අම්මා නිවසේ නැති අතරේ ‘පුංචි පුතුට අත්වූ’ ඛේදජනක ඉරණම (PHOTOS)

මැදිරිගිරිය කුසුම්පොකුණ ප්‍රදේශයේ වයස අවුරුදු නවයක පිරිමි දරුවකු අනාරක්ෂිත ළිඳකට වැටී මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුසුම්පොකුණ ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්.

මෙම දරුවා සෙල්ලම් කරමින් සිටි බෝලය නිවස පිටුපස තිබූ ළිඳට වැටී තිබෙනවා.

මව බාල සොහොයුරා සමග නිවසින් පිටව ගිය අවස්ථාවකදී  මෙම දරුවා ළිදේ වැටී තිබූ බෝලය ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට මුහුණපාන්නට ඇතැයි සැකපළ කරනවා.

ළිඳට වැටි තිබූ බෝලය මිදුලේ තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ගෙවත්තේ අනාරක්ෂිතව බැද තිබූ ළිදේ  මෙම දරුවා වැටී සිටියදී රාත්‍රී 7.00ට පමණ සිරුර සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

පවුලේ දරුවන් තිදෙනකු සිටින පවුලේ දෙවැනියා දරුවා මෙසේ මියගොස් තිබෙනවා

මැදිරිගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

1000 2
1000000