විදෙස්ගතව සිට පැමිණි කාන්තාවක් අතුරුදන්

කලක් එංගලන්තයේ පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඇය පදිංචිව සිටි කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ නිවසේ ලේ පැල්ලම් දක්නට ඇති බැවින් එම තැනැත්තිය ඝාතනය කර ඇතැයි පොලීසිය සැක කරන බව අප වාර්තාකරු පැවසීය. 

67 හැවිරිදි එම 5 දරු මව, කලක් එංගලන්තයේ පදිංචිව සිට ඇති අතර මීට වසර 3කට පමණ පෙර නැවත මෙරට පදිංචිය සඳහා පැමිණ ඇත්තේ ඔවුන්ගේ දේපළ බලාකියා ගැනීම සඳහාය.
 
ඊයේ (27) රාත්‍රී 7.20 ට පමණ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව ඥාතීන්ට දැනගන්නට ලැබී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?