අපි කවුද එයාට ෆොගිව් කරන්න..” – අංජලි රාජ්කුමාර් හඬ අවදි කරයි

“ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ගායන ශිල්පිනිය කේ. සුජීවාව කවුද නොදන්නේ? සමාජ මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම ඔවුන් තුන්දෙනා අපිට නිතරම වගේ ප්‍රසංග වේදිකාව තුළත් දැක බලා ගන්න පුළුවන්.

කේ. සුජීවාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ ඇතැම් සිදුවීම් ගැන බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරනවා. පසුගිය දවසක ඇගේ වැඩිමහල් දියණිය අංජලී, යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇගේ මව මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන මෙන්න මේ විදිහට කියලා තිබුණා.අම්මා එක්ක තියෙන සම්බන්ධය ගැන අංජලී කියන කතාව

වයසත් එක්ක ක්ලොස් වුණේ. පොඩි කාලේ බයයි අම්මට. මම එයාට හොරෙන් කඩේ යනවා යාලුවෝ එක්ක. දුරින් කාර් එක එද්දි මම දිව්වා. එයා දැක්කා කෝම හරි. ඇවිල්ලා නෙලූවා. ගුටි කාලා තමා හැදුවේ. දැන් වයසත් එක්ක ෆ්‍රෙරෙන්ඩ් ශිප් එකක් අපි අතරේ හැදුනා. අවුරුදු හතක් අපි දුරස් වෙලා හිටියේ. මම මගේ අධයාපන වැඩ වලට විදෙස්ගත වුණු නිසා.

හැමෝම කේ. සූජිවාගේ දුව මෙයා නේද කියද්දි දැනෙන හැඟීම ?

එහෙම කියද්දි, අමුතු ගතියක් තියනවා.. මට ඉඟි මරන තරු රෑන කියන්න බෑ. අම්මාගේ ස්ටයිල් එක වෙනස්. ඒක මම කියද්දි තවත් වෙනස්. නංගි කියද්දි තවත් වෙනස්. මගේ වර්ශන් එකක් තියනවා.

අපි කතා කරමු අජිත් ගැන..? එයා අම්මගෙන් වෙන්වුණ එක කොහොම ද ඔයාලට බලපෑවේ?

වැඩියෙන්ම…. එයාගේ චරිතේ රිටන් එක හම්බුණේ අම්මට. අපිටත් බලපෑවා. අම්මා මානසිකව වැටිලනේ හිටියේ. ගොඩක් දේ කළා. අපිට එක තැනක හිතුණා මෙයා ගොඩ එන්නෙ නැතිවෙයි කියලත්. ඔර්ජිනල් කැරක්ට් එකයි සෝශල් මීඩියා චරිතෙයි වෙනස්. හරිම ඩවුන්. දැන් හොඳට ඉන්නවා, විනාඩි දහයකින් අඬනවා. ඒ කාලේ මටයි නංගිටයි කොහෙවත් යන්න බයයි. නිකම් හරි අඬලා ඇදගෙන වැටුණොත් එහෙම.

ඒ කියන චරිතෙට සමාව දෙන්න පුළුවන්ද ?

මෙහෙමයි.. අපි කවුද එයාට ෆොගිව් කරන්න.. අපි දැන් ඒකෙන් එළියට ආවා. අම්මව ගෙනාවා..

ඒ කතාව ඇති. අංජලීට පෙම්වතෙක් ඉන්නවද..?

ක්ලෝස් වෙච්ච කොල්ලො කෙල්ලො ගොඩක් ඉන්නවා. අවුරුද්දකට විතර කලින් නම් කොල්ලෙක් හිටියා..

සල්ලි නැතිවෙලා කියන කතාවේ ඇත්ත?

කෑශ් ගන්න ඒටීඑම් ගියාම විසි ගාණයි තිබ්බේ. ඒ දේවල් දැක්කට පස්සෙ අම්මා මොරාල් වෙලා ආවා. දැන් එයා හොඳින්..

අංජලී සිංදු කියනවද කියලා තියෙනවද ?

සිංදු තුනක් හදන ගමන් ඉන්නේ. එකින් එක දානවා. මේ අවුරුද්දේ සිංදු දෙකක් රිලීස් කරලා තියෙන්නේ