ගෑස් පමාවිමට හේතුව ලිට්රෝ කියයි

මීට ඉහත දී තම සමාගම මගින් වෙළදපොළට නිකුත් කරන ලද නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර් නැවත එකතු කිරීම සහ ඒවායේ ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඉදිරියේ දී එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංග මේ වනවිට ද ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව ඉදිරියේදී වෙළදපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බවත්, පාරිභෝගිකයන්ට සිදුවන තාවකාලික අපහසුතාව පිළිබද කනගාටු වන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම එම නිවේදනයෙන් දැනුම් දෙනවා.

ඊයේ වන විටත් දෛනික අවශ්‍යතාව සඳහා ගෑස් නෞකා දෙකක් පිරවුම් සංකීර්ණයට භාගත කොට ඇති බවයි එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ගෑස් සම්බන්ධයෙන් වන සියලු ප්‍රමිතීන් පාලනයේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉතා කඩිනමින් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56