මිලියන 96ක් අතුරුදන් බව මහින්ද කියයි

පරිසර අමාත්‍යාංශය මගින් විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අවසානයේ ඉතිරි වූ රුපියල් මිලියන 96 ක මුදලක් අතුරුදන් වීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

වසරක කාලයක් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය අවසන්වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

ව්‍යාපෘතියෙන් ඉතිරිවූ රුපියල් මිලියන 96 ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කළ බවට ව්‍යාපෘතියේ නිලධාරීන් පැවසුව ද,එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවී නොමැති බව පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අනාවරණයවී තිබේ.

වහාම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ මුදල් සම්බන්ධව නිදහසට කරුණු විමසා විමර්ශනයක් සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?