රජයෙන් නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොරවලින් නිසි ප්‍රයෝජන නොගෙන එම පොහොරවලට ප්‍රසිද්ධියේ හානි කරන්නන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල අංශ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා අවධාරණය කරනවා.
ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික දියර පොහොර බෝතල් පොළවේ ගසා හානිකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය රජයේ දේපළ අවභාවිත කිරීමක් බවයි.
ප්‍රමිතියෙන් යුත් දියර පොහොර ලබා දී තිබියදීත් කාබනික වගාවට යොමුවීමේ රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමේ අරමුණින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන බවද ඔහු පෙන්වා දුන්නා.














කිසි දෙයක් නොදී වැඩි මිලට පොහොර ගනිව් කියල හිටිය නම් උන්ගෙ ඔය වැඩේ නික0ම හරි යනව ඕකට ජෙප්පො රි0ගගෙන ඇති අනිවාර්යයෙන්