වතුර බිලට කෝටියක් පොලු තැබූ ලොකු ලොක්කෝ

මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ජල සම්පත් මණ්ඩලයට වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. ගෙවීම පැහැර හැර ඇති මුදල ලක්ෂ 18 කි.

මේ අතර හිටපු ඇමතිවරයකු ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් 45,000 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පවසන එම මණ්ඩලය ජල බිල්පත් නොගෙවූ පිරිස අතර හිටපු ඇමතිවරුන් දෙදෙනකුද සිටින බව සඳහන් කළේ‍.

එම හිටපු ඇමැතිවරයා පාවිච්චි කරනලද නිල නිවස දැන් පාවිච්චි කරන්නේ කැබිනට් ඇමැතිවරයෙකි.

ඒ ඇමතිවරයා එම හිටපු ඇමතිවරයාගේ හිඟ මුදල පිළිබඳව ජල සම්පාදන ඇමැතිවරයාට දැනටමත් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ජල සැපයුම කපා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00