සඳුදාට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන බවට ඉඟියක්

ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

රට ඉදිරියට රැගෙන යාමට සහ ආර්ථිකය නගා සිටුවිම අත්‍යාවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවට යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රට විවෘත කිරිමෙන් පසුව මහජනතාව කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත්, වෛරසය පතුරුවන පුද්ගලයෙකු නොවීමේ වගකීම ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් වෛරසයෙන් බේරී සිටිමට හැකිබව පෙන්වා දුන්නා.

එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවන පුද්ගලයින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම බවද මෙහිදී හමුදාපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38