ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග වර්ගයක් වගා කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (දෙසැ. 25) මේ බව පැවසීය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරට ත් සඳහන් කළේ, ඒ සඳහා කඩිනම් වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනා කර ඇති බව ය.
“සෑම නිවසක ම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති වැලක් මේ වගේ කෙටි කලකින් ඵල ලබා ගන්න පුළුවන් දේ ලබා දීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. මේ ජනවාරි ඉඳන්වත් තම තමන්ගේ ගෙවත්තේ පවා මොනවා හරි සිටවා ගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙදීත් මේ තරම් ම විශාල අර්බුදයක් තිබුණේ නැතත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”














Thoge ammage ahawal eka Thama hitawanna one.thopita ratata kelawala apith kelewwama hitawagen kanna Thamai api inner.thope lamaita ekka hena gahanna one
අපි නිකං හිටියෙ නෑ බන්දඅල මහත්තතයෝ. ගේ වටේම වවාගෙන හිටියෙ. ඔයාලගෙ මගුල් කාබනික විප්ලවේ නිසා ඒවට පෝර ටිකක් දාගන්න බැරුව දැන් අලපාලු වෙලා. සාධාරණ ගානට ගන්න තිබුන කොම්පෝස්ට් පෝර ටිකත් නැති වුනා ඔයාලගෙ කාබනික පිස්සුව නිසා. කෘෂිකර්ම ලේකම් ආහාර හිඟයක් එනව කිව්ව එක බොරුවක් නෙමෙයි කියල තේරෙනවා දැන්.