ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස අද (24) උදෑසන තිරුමාල කඳුකරයේ පිහිටි වෙන්කටේශ්වර දෙවියන්ගේ තිරුපති දේවාලයේදී යාඥා මෙහෙයකට සහභාගී ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙකු බවයි.
දේවාලයේ පූජකවරුන් විසින් මෙම යුවළට වේදශිර්වචනම් ගායනා කළ අතර දෙවොලේ බලධාරීන් ඔවුන්ට සමරු තිළිණ ලෙස අලුත් අවුරුදු දින දර්ශන සහ දිනපොත් ප්‍රදානය කළ බව වාර්තා වේ.
අගමැති මහින්ද ඇතුළු පිරිස දේවාලයේ මහාද්වාරම් ලෙස හඳුන්වන ප්‍රධාන දොරටුව වෙත පැමිණීමෙන් පසු සම්ප්‍රදායික පිළිගැනීමක් ලබා දී ඔහුව ‘ශුද්ධස්ථානය’ වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ඔහු තිරුපති දෙවියන්ට වැඳ නමස්කාර කළ බව පැවසේ.













