ගෑස් එක පිපිරීමෙන් රණවිරුවෙකු මියයයි

සිව් වන ඊලාම් යුද්ධයේ දී ත‍්‍රස්තවාදීන්ගේ මෝටර් ප‍්‍රහාරයට ගොදුරු වී වෛද්‍ය හේතුන් මත නිවසට වී සිටි රණවිරුවකු ගෑස් පුුපුරා යාමෙන් මියගොස් ඇති බව පුවත්පත් වාර්තා කරයි.

ගෑස් පුපුරා යාම සිදුව ඇත්තේ ජූලි මාසයේ 17 වන දා හිමිදිරියේ ය.

ගෑස් පුපුරා යාමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල සදහා මාසකයට වැඩි කාලයක් මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබා ඇති අදාල රණවිරුවා අගෝස්තු මාසයේ 23 වන දා මියගොස් තිබේ.

ඔහු මහනුවර මැණික්හින්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රණවිරුවා මෙසේ අකාලයේ මිය යාම හේතුවෙන් ඔහුගේ දරු පවුල මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවද පුවත්පත වාර්තා කරයි.

මියගිය රණවිරුවාගේ විශ‍්‍රාම වැටුප හෝ මේ දක්වා සකස් කර දී නැති බව ද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?