AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු පුහුණුව සමත් වූ දිනයේ ම බලපත්‍රය ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එදිනම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේදී අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුරාධපුර කාර්යාලයේ සිදුවූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට පැමිණි කිහිපයක් ලැබීමත් සමඟ එම ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

ලිඛිත පරීක්ෂණය සමත් වී ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන සීමිත පිරිසකට රුපියල් 500ක මුදලක් ගෙවීමෙන් රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව මීට පෙර ලබා දී තිබුණි.

කෙසේ වෙතත් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ දිනයේම රියදුරු බලපත්‍රය නොලැබුණද තාවකාලික බලපත්‍රයක් හිමිවන අතර එය උපයෝගී කරගනිමින් රථවාහන ධාවනයට අවසර හිමිවේ.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කලින් වේලාවන් වෙන්කරවා ගත් පුද්ගලයන් හට එක්දින සේවාවන් සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?