LPL ශුරතාවය පිට පිට දෙවන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය පිට පිට දෙවන වතාවට ජයග්‍රහණය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුවා. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කරනු ලැබුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් වුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සම්ත්වුවා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 202ක්.

ලකුණු 202 ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 178ක් පමණයි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කර ගැනීමට සමත් වුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුරංග ද සිල්වා ලකුණු 15කට කඩුලු 2ක් සහ වනිදු හසරංග ලකුණු 30 ට කඩුලු 2ක් රැස් කිරීමට සම්ත්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37