එළවළු මිල පහතට

පෑලියගොඩ මැනිං වෙළදපොළේ එළවළු මිල ගණන් අද පෙරවරුවේ පහත වැටී ඇති බව මැනිං පොදු වෙළඳ සමිතිය පවසනවා.

එහි නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත සඳහන් කළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 400කටත්, බෝංචි කිලෝවක් රුපියල් 250කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300කටත් අලෙවි වන බවයි.

දඹුල්ල සහ හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකම අද දිනයේදී එළවළු මිල සාමාන්‍ය මට්මක පැවති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීමට පැමිණි ජනතාව කියා සිටියේ එළවළු මිලෙහි අඩුවීමක් දක්නට නොලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?