AFC Banner
Empty Ad
Empty Ad

රිලා රංචුවකගේ ප්‍රහාරයෙන් ජිවිතයෙන් වන්දි ගෙවූ කිතුල් මදින්නා

ගලහා නාරන්හින්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අඩි 50ක් පමණ උස කිතුල් ගහකට නැඟ කිතුල් මදිමින් සිටියදී එම ගසට ආ රිලා රංචුවකගේ සපා කෑමකට ලක්වී එම ගසෙන් බිමට වැටී මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාරන්හින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන දෙදරු පියෙක්.

ඔහු කිතුල් ගසේ සිටින විට රිලා රංචුවක් ද ගසට නැඟ මෙම පුද්ගලයා සපා කා ඇත ඔහුට රිලවුන්ගෙන් ගෙන් බේරීමට බැරිවී ගස පාමුල ඇද වැටී ඇත තුවාල ලැබූ ඔහු දෙල්තොට රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය දෙල්තොට රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.

මියගිය පුද්ගලයා කිරි ගවයන් ඇතිකොට ජීවිකා වෘත්තිය කරගෙන යන අතර කිතුල් මැදීම ද සිදු කොට ඇත.

මෙම ප්‍රදේශයේ අධික රිලා ගහනයක් පවතින අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙකු සපා කෑමකට ද ලක්ව ඇත. මෙම රිලවුන් ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන ලෙස එම ජනතාව ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගලහ පොලිසිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?