මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති උපුල් රෝහණ අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඊයේ (22)  අලුතින් හඳුනාගත් ආසාදිතයින් 03 දෙනාද ඇතුලුව දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයින් 7දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි.ඉදිරි කාලය ඉතා අවාසනාවන්ත තත්වයකට රට පත්වීම වළක්වා ගැනීමට නම් උත්සව සමයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස උපුල් රෝහණ  මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?