ලෝක රූ රැජිනට කොරෝනා හරස් වෙයි

2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවතා දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබේ.

ඊට හේතුව, රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු සුරූපිනිය මනාසා වරණාසි ඇතුළු තරගාවලියට සම්බන්ධ 17 දෙනකු ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව තහවුරු වීමය.

තරගාවලිය හදිසියේ අත්හිටුවීම සිදුවූයේ එය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේය. තරගාවලියේ සංවිධායකයන් ඉන්ස්ටග්‍රෑම් හරහා පවසා තිබෙන්නේ ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.

මේ අතර, ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ ඉන්දීය සුරූපිනිය නිරෝධානයට යොමු කළ බවත්, ඇයට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝක රූ රැජින කිරුළ සඳහා මනාසා වරණාසි ඉදිරිපත් වන්නේ ඇය 2020 ඉන්දීය රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසුවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33