ගෑස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් ගත් තීරණය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එම සමාගම පවසන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව හම්බන්තොට පර්යන්තය වෙත ආනයනය කරන ලද ගෘහස්ථ ගෑස් මෙලෙස බෙදාහැරීමට නියමිත බවයි.

මේ අතර අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණ නියෝග මත සංයුතිය සිලින්ඩරයේ සඳහන් කළ ගෑස් සිලින්ඩර ඊයේ රාත්‍රී නිකුත් කළ බවත් එහි ‘ප්‍රොපේන්’ මට්ටම උපරිම සියයට 30 ක පවතින බව සඳහන් කර ඇති බවත් එම නිලධාරියා කියා සිටියේ.

ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂයක් පමණ නිකුත් කරන බව කී එම නිලධාරියා මේ අවස්ථාවේදී දිනකට එම ප්‍රමාණය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ද සඳහන් කළේ.

එම නිලධාරියා සඳහා කළේ ගෑස් සිලින්ඩයේ අදාල සංයුතිය පිළිබඳ සටහන තීන්තවලින් මුද්‍රණය කර ඇති බවත් කඩදාසියේ මුද්‍රණය කර ඇලවීමේදී එය ගැලවී යෑමෙන් ප්‍රශ්න ඇති වීමේ ඉඩක් ඇති බවයි.

ගෑස් තොග ලැබෙන ප්‍රමාණය අඩුව සැපයුම වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52