AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් ගත් තීරණය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එම සමාගම පවසන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව හම්බන්තොට පර්යන්තය වෙත ආනයනය කරන ලද ගෘහස්ථ ගෑස් මෙලෙස බෙදාහැරීමට නියමිත බවයි.

මේ අතර අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණ නියෝග මත සංයුතිය සිලින්ඩරයේ සඳහන් කළ ගෑස් සිලින්ඩර ඊයේ රාත්‍රී නිකුත් කළ බවත් එහි ‘ප්‍රොපේන්’ මට්ටම උපරිම සියයට 30 ක පවතින බව සඳහන් කර ඇති බවත් එම නිලධාරියා කියා සිටියේ.

ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂයක් පමණ නිකුත් කරන බව කී එම නිලධාරියා මේ අවස්ථාවේදී දිනකට එම ප්‍රමාණය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ද සඳහන් කළේ.

එම නිලධාරියා සඳහා කළේ ගෑස් සිලින්ඩයේ අදාල සංයුතිය පිළිබඳ සටහන තීන්තවලින් මුද්‍රණය කර ඇති බවත් කඩදාසියේ මුද්‍රණය කර ඇලවීමේදී එය ගැලවී යෑමෙන් ප්‍රශ්න ඇති වීමේ ඉඩක් ඇති බවයි.

ගෑස් තොග ලැබෙන ප්‍රමාණය අඩුව සැපයුම වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?