ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන කුරුං ගුරුන්ට නිවසක්

දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ. ඒ. පියකරු මහතා ට නිවසක් තනා දීමට රූපවාහිණී වැඩසටහනිකින් ඉදිරිපත්ව තිබේ. ඒ මහතා දෙවසරකට ආසන්න කාලයක සිට අසනීප තත්වයෙන් ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බව පසුගිය දා දෙරණ රූපවාහිණි වැඩසටහනකින් විකාශය කළේය.

ඒ මහතා දැනට පදිංචිව සිටින හොරණ උඩුව ප්‍රදේශයේ නිවස වෙත ගියේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඉදිරි සතියේදී නිවස සෑදීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය

දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ. ඒ. පියකරු මහතාට මේ වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳව පසුගිය 15 වනදා පුවත් ඔස්සේ මුල්වරට අනාවරණය කළේය.

දෙවසරකට ආසන්න කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන ඔහුට බෙහෙත් ලබාගැනීමට හෝ එදාවේල පිරිමහ ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇත. කේ. ඒ. පියකරු මහතා පුංචි තිරයේ හා වේදිකා නාට්‍ය ඔස්සේ දශක ගණනාවක් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ රංගන ශිල්පියෙකි.

“කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ “කුරුං ගුරුන්” කියූ සැනින් ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්ය. එතරම්, ප්‍රේක්ෂක ආදරයක් ලබන්නට භාග්‍යවන්ත වූ ඔහු අද ගෙවන්නේ අන්ත අසරණ ජීවිතයකි.

රංගන ශිල්පී කේ. ඒ. පියකරු මහතා කියා සිටියේ, “ස්ථිර නිවාසයක් කියලා නැහැ. විවිධ තැන්වල හිටියා ඒ ඉදලා තමයි දැන් මෙතෙන්ට වැටුණේ. රුපියල් 5,000ක් හම්බෙනවා චිත්‍රපට සංස්ථාවෙන්. ඒ 5,000කට කරන්න දෙයක් නැහැ අද ලැබෙන විදිහට කාලා ඔහේ බලන් ඉන්නවා මිසක් ආදායම් මාර්ගයක් කොහොත්ම ඇත්තේ නැහැ.”

හොරණ උඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ඔහු ජීවත්වන එම නිවසත් සිය දියණියට අයත් වූවකි. 75 වැනි වියේ පසුවන පියකරු මහතා අංශභාග රෝගය නිසා දෙවසරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් යෙදවීමද අද වන විට අපහසු කාර්යයක් වී ඇත. ඒ ස්ථිර ආදායමක් නොමැති වීම හේතුවෙනි.

රංගන ශිල්පී කේ. ඒ. පියකරු මහතාගේ බිරිඳ හඩමින් කියා සිටියේ, “මුදල් පස්සේ ගියානම් හැම දෙයක්ම ඉටුකරගන්න තිබුණා. කලාව කරන අතතුර මහලු නිවාසවලට එතකොට ළමා නිවාසවලට, පන්සල්වලට හැම වැඩකටම යනවා.”

“කළුබෝවිල රෝහලෙන් බෙහෙත් ගන්නවා. ඒවාට නම් මුදලක් යන්නේ නැහැ. ඒත් ත්‍රීරෝද රථ ගාස්තුව 8,000ක් යනවා යන්න විතරක්. කැමැති දානපති නෝනා කෙනෙක්ගෙන් හෝ මහත්තයා කෙනෙක්ගෙන් මොනවා හරි පරිත්‍යාගයක් ලැබෙනවානම් මම ගොඩක් පිං දෙනවා.” යනුවෙනි.

රංගන ශිල්පී කේ.ඒ.පියකරු මහතා අවසානයේ කියා සිටියේ… කලාකාරයෝ උඹලා හැමදෙනාම එකතු වෙයල්ලා එහෙම නොවුණහොත් වෙන්නේ කවදාහරි මට වුණ දේම උඹලාටත් සිද්ධ වෙනවා. ‘ඕන් කිව්වා..මේන් ගියා’.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00