ලිට්‍රෝ ගෑස් සංයුතිය වෙනස් කළ හේතුව

ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සදහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග ලිට්‍රෝ සමාගම විසින් නිසි පරිදි අනුගමනය කර නැතැයි ගෑස් අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පවසනවා.

කමිටු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.