LPL තරගාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරගය අද (21) රාත්‍රියේ පැවැත් වීමට නියමිතයි.

ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවනවා.

මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායමේ දෙකම තමන්ට ඇති ප්‍රබලතම තුරුම්පු පාවිච්චි කරනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් මත පළකරන්නේ.

මෙම තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ප්‍රමුඛ ප්‍රබල දඟ පන්දු බල ඇණිය සම්බන්ධයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වැඩි අවදානයක් යොමු කරනු ඇති.

එමෙන්ම මෙවර LPL තරගාවලියේ නවතම සොයා ගැනීම වන ජනිත් ලියනගේ ප්‍රමුඛ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් කෙරෙහි වැඩි අධ්‍යයනයක් සිදුකර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද තරගය සඳහා අවතීර්ණ වනු ඇති.

මේ අතර දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මෙම තරගයත් අහිමි වන බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා පැවති කැන්ඩි වෝරියර්ස් සමග තරගයේ දී ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරු වූ අතර මේ වනවිට ප්‍රතිකාර කිරීම ආරම්භ වී ඇතත් දසුන් පුර්ණ සුවය ලබා නොමැති බවයි හම්බන්තොටින් වාර්තා වන්නේ.

මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසන්නේ තම කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතින බවයි.

පසුගිය තරග කිහිපයේ දී පිතිකරුවන් ලකුණු අතරට නො පැමිණියත් අද තරගයේ දී ලකුණු අතරට පැමිණීමට තරම් අත්දැකීම් ඇති පිතිකරුවන් පිරිසක් තම කණ්ඩායම සතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35


?