මම අද හිතන්නේ ඒ මනුස්සයාව ජනාධිපති කළේ නැත්තේ ඇයි කියලා

ශ්‍රී ලංකා රජයෙන් නිව් ෆෝට්‍රස් සමාගමට යම් අගතියක් සිදුවුවහොත් අමෙරිකාව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට හැකි බවට යුගදනවි බලාගාර ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

රූපවාහිණි වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර පසුගිය දා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා සම්බන්ධයෙන් තමා කළ අදහස් පළ කිරීම ගැන ද විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් පළ කළේය.

ප්‍රශ්නය – අපි අර මේ ජයකුත් නැති සුන්දරත් නැති පුංචි බණ්ඩා ගැන කතා කරමු. 

“මම අද හිතන්නේ ඒ මනුස්සයාව ඇයි ජනාධිපති කළේ නැත්තේ කියලා. දැන් එයා තරම් වැඩ්ඩෙක් නැහැනේ. දැන් සමහර අයට ඒයා නැතුව මේ ආර්ථිකයේ මොකුත් කර ගන්න තේරෙන්නේ නැහැ. එයා තමයි මේකේ මාර පොර. මම අදත් එනකොට හිත හිත හිටියේ, මේ මනුස්සයා අවුරුදු 70ට වැඩියි. කොයි වේලේ හරි ෆියුස් ගහලා ගියොත්, මම එහෙම සතෙකුටවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් එක පාටරම… මාර වැඩේනේ වෙන්නේ. මේ රට නතර වෙනවා. ලෝක බැංකුව ගැන ඔක්කෝම දන්නේ එයා. IMF දන්නේ එයා. මේ ආර්ථිකයේ ගහන්න පුළුවන් අමුතු වෙට්ටු දාන්නේ එයා. එයා ගාව තියෙන දැනුම කාටවත් නැහැ. එයා නැත්නම් අපිට මාර වැඩක්. ඉතින් එයා ඉඳලානේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඩොලර් අර්බුදයක් ඇවිල්ලා. කර්මාන්ත ශාලාහිමියන්ට තමන්ගේ අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව හිරවෙලා ඉන්නවා. ගෙනාපු ඒවාගේ LCL එක ඕපන් කර ගන්න බැරුව වරායේ ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඔය කියන මහ මොළකරු අවුරුදු 20ක් විතර මේ ආර්ථිකය අතේ තියාගෙන හිටියානේ. චන්ද්‍රකා කුමාරතුංග කාලේ ඉඳන් තියාගෙන හිටියා. ඉතින් මෙයා මාර වැඩ්ඩෙක් නම් අපිට සතුටුදායක තත්ත්වයක් තියෙන්න ඕනේනේ. දැන් එහෙම නැහැනේ. නැහැ කියලා පිළිගන්න වෙනවානේ. මොකද ඩොලර් අර්බුදය කියන්නේ සුළුපටු අර්බුයක් නෙමෙයිනේ. මෙහෙම අර්බුදයක් එනවා කියලා අවුරුදු දෙදකට කලින්වත් දකින්න ඕනේනේ. අන්න එහෙම නම් එයා පට්ට වැඩකාරයෙක්. එයා පට්ට වැඩකාරයෙක් නම් එයා අවුරුදු දෙදකට කලින් කියන් ඕනේ මෙන්න මෙහෙම එකක් එනවා, අහවල් අවුරුද්ද වෙනකොට දැන්ම තියා ඒකට අපි ලෑස්ති වෙමු. අපි මේක මෙහෙම කරමු කියලා. එහෙම මොකුත් කිව්වේ නැහැනේ. මම ඇත්තටම සැකකරනවා මේ මනුස්සයාට ඕනේ මේක බිංදුවට වට්ටලා ඉන්දු අමෙරිකානු උපයාමාර්ගයට මේ රට අත්පත් කර ගන්නද කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34