එළවලු මිලෙහි යෝධ සංවර්ධනයක්…

ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ එලවලු කිලෝවක මිල පවතින මිලට වඩා රුපියල් 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට දැනුම් දෙනවා.

අද නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරිම, එලවළු වගා ගොවිපලේ සිට එලවළු ප්‍රවාහනය දක්වා බලපෑමක් ඇති කරන බවයි.

මේ වන විටත් එලවළු මිල ඉහල ගොස් ඇති අවස්ථාවක සහ පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් දැඩි පිඩාවකට පත්ව ඇති අවස්ථාවක මෙසේ ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.
කැරට් කිලෝවක මිල රුපියල් 435 පමන වන බව පැවසූ ඔහු මෙම මිල ගනන් සම්බන්ධව කලහැක්කක් ද නොමැති බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?