දඹුල්ල ජයන්ට්ස් පිළට ජොස් ලිට්ල් අහිමිවෙයි

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු ‍යවන ක්‍රීඩක ජොස් ලිට්ල් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජොස් ලිට්ල් අද (20) අලුයම මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

අයර්ලන්ත ජාතික ජොස් ලිට්ල් ඇමරිකාව සමඟ ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා කැඳවා තිබීම හේතුවෙනුයි ඔහු මෙලෙස LPL තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇත්තේ.

අයර්ලන්ත කණ්ඩායම ඇමෙරිකාවට පැමිණීමෙන් අනතුරුව අයර්ලන්ත ක්‍රිඩකයින් සිව්දෙනෙක් හා සහාය කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණා.

ඒ අනුවයි ජොස් ලිට්ල් අයර්ලන්ත ජාතික කණ්ඩායමට කැදවීමට පියවර ගත්තේ.

22 හැවිරිදි අයර්ලන්ත ජාතික ජොස් ලිට්ල් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 03 ක් ක්‍රීඩා කළා.

මේ අතර LPL තරගවලියේ අවසන් වටයේ තුන්වන තරගය ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර හෙට (21) පැවැත්වෙනවා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වනදා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් ‍රාජපක්ෂ කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40