අලුත් ගෑස් අද සිට වෙළෙදපොළට : අඳුන ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30ක් සහ බියුටේන් අගය සියයට 70ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.

එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන මර්කැප්ටන් සංයුතිය ද සියයට 14ක් ලෙස ගෑස් සිලින්ඩර්වල පවතින බවද ලේකම්වරයා කියා සිටියා.

මෙරටට පැමිණි ගෑස් නෞකාවක මර්කැප්ටන් සංයුතිය නිසි පරිදි නොමැතිවීම නිසා ගොඩබෑමේ කටයුතු නතර කර තිබුණ ද පසුව එහි ගෑස් යළි ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කළා.

එලෙස ගොඩබෑමේ කටයුතු යළි ආරම්භ කරනු ලැබුවේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ මර්කැප්ටන් සංයුතිය එක් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම තවත් ගෑස් නෞකා දෙකක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඒවායේ ප්‍රමිතිය ද පරීක්ෂා කර ප්‍රොපේන්, බියුටේන් සහ මර්කැප්ටන් නිසි පරිදි පැවතියහොත් පමණක් එම ඒවාද ගොඩබෑමේ කටයුතු සඳහා අවසර ලබාදෙන බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?